Sunday, July 24, 2011

මේ ගැන ඔබ මොහොතක් හිතුවාද ???


මම ඉපදුනා ලොකුමහත් උනා ඒත් කවදා හරි මැරේවි කියා
මම ඉපදුනා ලොකුමහත් උනා හොද නෝන කෙනෙක් හමු උනා කසාද බැන්දා ඒත් කවදා හරි මැරේවි කියා

මම ඉපදුනා ලොකුමහත් උනා හොද මහත්තයෙක් හමු උනා කසාද බැන්දා ඒත් කවදා හරි මැරේවි කියා
මම ඉපදුනා ලොකුමහත් උනා හොද මහත්තයෙක් නෝන කෙනෙක් හමු උනා කසාදත් බැන්දා ලමයිත් හැදුවා ඒත් කවදා හරි මැරේවි කියා

ඔබ ඔබගේ නොනා හට ඔබ මරනයට පත් වු දවසක ජීවිතයට මුහුන දෙන ආකාරය උගන්වා තිබේද
ඔබ
ඔබගේ මහත්තයා හට ඔබ මරනයට පත් වු දවසක ජීවිතයට මුහුන දෙන ආකාරය උගන්වා තිබේද
ඔබ
දෙපලම මරනයට පත් වු දවසක ඔබේ ළමයිනට ජීවිතයට මුහුන දෙන ආකාරය උගන්වා තිබේද
ඔබ
නිසෑකවම මරනයට පත් වන බව ඔබේ ළමයිනට උගන්වා තිබේද

ඔබට මොනයම් හෝ ලෙඩක් හට ගෙන හිතන්න  රෝහලකට ඈතුල් කලා කියල ගොඩාක් අමාරු තත්වයකින් ඔබ හිටියේ කියල. වෙද මහතා ඔබට පවසුව හොත් ඔබ තව ජීවත් වන්නෙ දින හතයි, මාසයයි, මාස දෙකයි කියල.මොනවද ඔබට වෙලේ හිතෙන්නෙ, ඔබ මරනය ගැන කවදාවත් නොසිතූ කෙනෙක් නම් ,ඔබට මරන බිය මොහොතේ දෑනේවි, එතකොට ඔබ උන්මත්තකයකු බවට පත් වෙවි.ජීවිතයේ වෑඩිම කලයක් පුරුදු පුහුනු කල ලෞකික අශාවන් ඔබේ සිතට මොහොතේ පෑමිනිය හොත් ඔබට මොකද වෙන්නෙ?ඔබ ප්රේත ලෝකයට යන්න තියෙන ඉඩකඩ වෑඩියි.

මරණය යන වචනය ඔබ ඔබේ ජීවිතයෙන් අයින් කර දමන්න එපා.ගොඩක් අය මේ ගැන සිතන්න බොහොම බයයි.තව කල් තියෙනව කිය කියා ඉන්නව. අපි හිතමු ඔබ ජීවත් වන ප්‍රදේශයේ මිනිසුන් එක කොනක සිට එක ගෙදරක මිනිසුන් ඔක්කොම මරණයට පත් වෙවී ගෙදරින් ගෙදරට මේ ආකාරයට එනව කියල.හැබැයි එතකොට නම් ඔබ පෙර සූදානම් වීමක් වෙනව නේද.අන්න ඒ ආකාරයෙන්ම මරණයට පෙර සූදානම් වීමක් වෙන්න. ඔබේ තරුණ කම එයට බාධාවක් නෙවෙයි . ඔබ ඔබේ තරුණ අවධියේ මරණය ගැන නොසිතා ඒ ගැන සිත්න්නේ මරණයට පත්වන විටද ? එසේ වුව හොත් ඔබ ලබූ මිනිසත් බව අසාර්ථක බව සිහියට ගන්න.

හැබයි ඔබ කාලයක් තිස්සේ ඒ ගැන සූදානම් වීමක් තිබුනහොත් ඔබ ලබූ උතුම් මිනිසත් බව සඵළ කර ගත හැකි බව ඔබ දන්නවාද?

සිතන්න හුදෙකලා වන්න සිතන්න මොහොතක්.

බ මෙතෙක් කල් සෙවූයේ තමුන් ගැන නොව අනුන් ගැනයි. එය එසේම නේද?
අද සිට ඔබ ඔබ ගැන සෙවීමට උත්සුක වන්න.

මේ මරණයට පත් වන මිනිසුන් යන්නේ කොහිද. ඔබ ඔබගේ මරනයෙන් පසු කොහි යාවිද. ඔබත් මැරෙණ බව මොහොතක් සිතුවාද?
ඔබත් තරුණ වියේදීම ඔබේ මරණය ගැන ණුවනින් විමසා මරණයට සාර්ථකව මුහුන දීමට වැඩ පිළිවෙලක් සාදා පුරුදු පුහුණු කරන්න.
ඔබ දැනටමත් ප්‍රමාද නැති බව සිත්න්න.ඔබ දිනපතා මරණනුස්සතිය වඩන්න.ඔබ කාලයක් තිස්සේ මරණනුස්සතිය වඩනවිට මරණය යනු තාවකාලික සමුගැනීමක් බව වටහෙනු නොඅනුමානයි.

ඔබ මෙතනින් පටන් ගෙන ජීවිතාවබෝධය ලබා ගැනීමට උත්සුක වන්න.ඔබ ඔබේ මරණයට දවසින් දවස ලන් වන බව ඔබට දැනෙන විට ඔබේ ආධ්‍යාත්මය අවධි වී ඇති බව අවබෝධ කර ගන්න.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!






1 comment:

  1. ඉතා වටිනා සටහනක් සහෝදරයා.තරුණ කාලේ අපි කල් ගෙවන්නේ කවදාවත් මැරෙන්නැති විදියට.වයසට යනකාට තමයි මරණය ගැන හිතන්නේ.පින් කරන්න මතක් වෙන්නෙත් වයසට යනකාට තමයි.ඒත් එතකොට අපි ප්‍රමාද වැඩියි.බණ පොතක් සඟරාවක් බලන්න ඇස් පේන්නේ නැහැ.ධර්ම දේශනයක් අහගන්න කන ඇහෙන්නේ නැහැ.දඹදිව වදින්න යන්න හිතුනත් අතපය වාරු නැහැ.ඉතින් අපි පින් කරන්න පටන් ඕන බාල,තරුණ වයසෙදිම කියන පනිවිඩය එක්ක තවත් දේවල් ඔයා අපිට මේ සටහනෙන් කියලා තියෙනවා.පල්ලෙහා සින්ඩි කීපයක ලින්ක් ඇති එම සින්ඩි වල ඔයාගේ බ්ලොග් එකත් ලියාපදිංචි කරන්න.එතකොට මේ පණිවුඩ අනිත් අයටත් කියන්න ඔයාට පුළුවන්. තෙරුවන් සරණයි.
    http://blogs.sinhalabloggers.com/add-blog

    http://syndi.lankeeya.lk/bloglist

    ආ තව එකක් මෙකේ වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න.කමෙන්ට් කරන අයට ඒක ලේසියි.
    settings --> Comments-->Show word verification for comments? select "No"

    ReplyDelete